මහින්ද - කරූ සාකච්ඡා

2018-06-28 04:28:00       728
feature-top
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (28) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ කථානායක කරූ ජයසූරිය මහතා අතරයි.

මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සහ පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ කමිටු වාර්තා පිළිබඳ එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරනු ඇති.

මධ්‍යම, වයඹ සහ උතුර යන පළාත් සභාවල නිල කාලය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතයි. උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර යන පළාත් සභා 03හි නිල කාලය ද ඉකුත් දා අවසන් වුවත් ඒවායේ මැතිවරණය ද මෙතෙක් පවත්වා නැහැ.


(under the courtesy of nethnews.lk news web)

More News »