ශ්‍රී ලංකා පිලට ලකුණු 144 ක ඉලක්කයක්

2018-06-26 10:18:00       138
feature-top
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අවසන් වන විට කොදෙව් කණ්ඩායම දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 93ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී නායක සුරංග ලක්මාල් ලකුණු 25 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 204 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 154ක් රැස් කළේය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 144 ක් ඉලක්කයක් හිමිව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »