ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකුගේ පුතෙක් පහරදී සිසුවියක් රෝහලට-අත්අඩංගුවට පත් සැකකරු ඇප මත මුදා හැරෙයි

2018-06-22 05:17:00       716
feature-top
පාසලේ පැවති උත්සවයක් අතරතුරදි අදි ශිෂ්‍යාවකට කල පහර දිමක් හේතුවෙන් මහව විජයභා ජාතික පාසලේ ශිෂ්‍යාවක් රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
 
පසු ගිය 16වනදා මහව විජයභා ජාතික පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කර තිබු පා ගමනකින් අනතුරුව පාසල් ක්‍රිඩාංගනයේ සංගීත සංදර්ශනයක් පවත්වා ඇත.

එම අවස්තාවේදි පාසලේ අදි ශිෂ්‍යයෙකු පැමිණ තමන්ට ඔහුත් සමඟ නර්ථනයේ යෙදෙන්නට ආරාධනා කල බව අදාල සිසුවිය පවසයි.

කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කිරිමත් සමඟ අදාල තරුණයා මෙම සිසුවියට පහර දි ඇති බව ද එම සිසුවිය අද දෙරණට කියා සිටියේය.

මෙලෙස පහර කැමට ලක්ව ඇත්තේ එම පාසලේ 13වන ශ්‍රේණියේ කලා අංශයේ ඉගෙනුම ලබන මහව ගොඩපිටිය යාපහුව ප්‍රදේශයේ පදිංචි සිසුවියකි.

පහර දිම හේතුවෙන් අදාළ සිසුවිය දින 5ක් මහව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව අද(22) සුවය ලබා පිටව ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.

තමන්ට මෙලෙස පහර දුන්නේ, මහව ප්‍රාදේශි සභා මන්ත්‍රිවරයෙකුගේ පුතෙකු බව ඇය වැඩි දුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදි මහව පොලීසීය පැසුවේ අදාල සැකකරු මහව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හැරි බවයි.  

පහර දීමට ලක්වු සිසුවිය සුවය ලබා ඇති බව පොලීසිය විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු අදාළ සැකකරුට මෙලෙස ඇප හිමිවී ඇති බවත් තම දියණිය ඒ මොහොත වන විටත් රෝහල් ගත වී සිටි බැවින් මෙම තින්දුව දේශපාලන මැදිහත් වීමක් මත සිදුවු බලපෑමක් බවට පහර කෑමට ලක් වු සිසුවියගේ මව පැවසීය.

දියණියට සිදුවු අසාධාරණයට නිසි පිළිතුරක් නොලැබුණු බවත් මෙවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවත් පහරකෑමට ලක්වු සිසුවියගේ මව වැඩිදුරටත් අද දෙරණට පැවසීය.
(under the courtesy of adaderana.lk news web)

More News »