ඇප හිමි වූ ඥානසාර හිමිගේ චීවරය වෙනුවෙන් වියතෙක් ඉදිරියට, ඇමතිනි තලතාට දොස් !

2018-06-22 05:06:00       568
feature-top
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත වීම පුවත් මැවීමට සමත් වුනා. මේ අතර සිරගතව සිටි උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර නිතීන් වලට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීමත් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

කෙසේ වෙතත් ඥානසාර හිමියන්ට අද දින (22) අධිකරණයෙන් ඇප හිමිවුනා. ඒ ඥානසාර හිමියන්ගේ ඇප ඇයදුම හෝමාගම අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදියි. ඥානසාර හිමියන් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි නියෝග කළ හෝමාගම  මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා එහිමියන්ගේ  විදෙස් ගමන්ද තහනම්  කරමින්  ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකට දැනුම් දෙන්නැයිද නියෝග කළේය

මේ අතර ඥානසාර හිමි සිරගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්‌ කථිකාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබුනේ සිරදඬුවම් නියමව බන්ධනාගාර ගතව සිටින සෙසු හිමිවරුන් 15 දෙනා හා සමානව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සැලකීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවය.

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනයක්‌ ඉදිරිපත් කර තිබූ නිසා බන්ධනාගාරයේදී උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම ගැටලුවක්‌ බවද ඔහු මාධ්‍යයට පවසනවා. බන්ධනාගාරගතව සිටින හිමිවරුන් 15 දෙනාට එල්ලවී තිබූ බරපතළ චෝදනා ඥනසාර හිමියන්ට එල්ලවී නැතැයි යන්න කථිකාචාර්යවරයාගේ අදහසයි.

ඥානසාර හිමිට ඇප හිමි වූ  අභියාචනය පිළිබදව අදහස් දක්වන ප්‍රතිභා මහානාමහේවා පවසන්නේ එම අභියාචනය සම්බන්ධයෙන් තීරණයක්‌ ගැනීම සිදුවූයේ මහෙස්‌ත්‍රාත්වරයාගේ අභිමතය අනුව බවත් එම අවස්‌ථාවේ නීතිපතිවරයා හෝ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියෙකු සිටීම අවශ්‍ය නොවන බවත්ය.
 
ඥානසාර හිමියන්ට ලබාදී තිබූ සිරදඬුවමට අනුව චීවරය ඉවත් කිරීම අධිකරණ ඇමැතිනිය විසින් සාධාරණය කර තිබෙන මොහොතක අධිකරණ අමාත්‍යාංශය යටතේ සිටින නීතිපතිවරයාගෙන් කරුණු විමසීමේදී ලැබෙන පිළිතුර කුමක්‌ විය හැකිද යන්න සිතාගත හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසනවා.
(under the courtesy of nethgossip.lk news web)

More News »