රටට අවශ්‍ය මිලිටරි පාලනයක් බවට සමාජය ගෙන ඒමට උත්සහ කරනවා

2018-06-22 04:54:00       605
feature-top
රටට අවශ්‍ය මිලිටරි පාලනයක් බවට පවසන තත්ත්වයකට සමාජය ගෙන ඒමට උත්සහ දරමින් සිටින බවත් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් තුළින් ගොඩනැගුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසියම් කෙනෙකුට මිලිටරි පාලනයක් සුදුසු බවට යෝජනා ඉදිරිපත් කිරීමට හෝ එම යෝජනා ඉදිරිපත් කරන ස්ථානයක හෝ සිටීමට සුදුසු නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
(under the courtesy of adaderana.lk news web)

More News »