උපාලි නාහිමියන්ගේ ප්‍රකාශයෙන් වැරදි දෙයක් කියවුනේ නෑ

2018-06-22 04:43:00       500
feature-top
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් පසුගිය දා සිදුකළ ප්‍රකාශය තුළින් වැරදි දෙයක් අදහස් කළා යැයි තමා නොසිතන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (22) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

විවිධ අවස්ථාවන්වලදී ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ හැඟීම්බරව විවිධ ප්‍රකාශ සිදු කරන බවත් එම ප්‍රකාශ තුළින් උන්වහන්සේලා වැරදි දෙයක් අදහස් කරන බව තමා විශ්වාස නොකරන බවද ඒ මහතා පැවසීය.

නිදහසේ අදහස් ඉදිරිපත් කිරීම උද්ඝෝෂණ පැවැත්වීම වර්ජන සිදු කිරීමට අද  නිදහස තිබෙන බවත් කෙනෙකු එම නිදහස වැරදි ආකාරයෙන් අර්ථකථනය කරමින් රට තුළ අවුල් වියවුල් බවක් තිබෙන බවට සමාජයට ඒත්තු ගැන්වීම සඳහා කටයුතු කරන බවත් එය වැරදි අර්ථකථනයක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

රට තුළ නිදහසේ ජීවත්වීමට වැදගත් වන්නේ නැතිනම් ආඥා දායකත්වයත් තුළින් රටේ නිදහස සීමා කිරීමද වැදගත් වන්නේ යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වීමට තුළින් රටට විශාල වාසියක් ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »