ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින ජලජ පැලැටි වගාව ව්‍යාප්ත කිරීමට වැඩපිළිවෙලක්

2018-06-22 03:42:00       172
feature-top
ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින ජලජ පැලැටි වගාව ව්‍යාප්ත කිරිමට වැඩපිළිවෙලක් කඩිනම්න් ක්‍රියාත්මක කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය  අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ විශාල විදේශ විනිමයක් රටට හිමිකර දිය හැකි මෙවැනි ව්‍යාපෘති අත්‍යාවශ්‍ය බවයි.

මේ මඟින් සෘජු  සහ වක්‍ර රැකියා විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරගැනිමට හැකිවන බව දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය.

ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ මේ වසරේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »