මාතර සිද්ධියෙන් වෙඩි වැදුණු කොල්ලකරුවන්ව රෝහල ළඟ හලලා ගිහින්

2018-06-22 03:36:00       553
feature-top
මාතර ස්වර්ණාභරණ වෙළද සැළක් කොල්ලකැමට යාමේදී අද (22) ඇති වු වෙඩි හුවමාරුවෙදී වෙඩි වැදුණු කොල්ලකරුවන් තිදෙනෙකු අද දහවල් කරාපිටිය රෝහලට ඇතුළත්ව ඇති අතර මින් දෙදෙනෙකු පාතලා සමාජිකයන් වන කොස්ගොඩ තාරක හා ඔහුගේ සහෝදරයකු බව පොලිසිය පවසනවා.

අනික් කොල්ලකරු අනුරාධපුර දුටුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අද දහවල් සුදු පැහැති කාර් රථයකින් පැමිණි අයෙකු විසින් මොවුන් රෝහල අසල දමා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළා.

කොල්ලකරුවන්ගේ උරහිස්වලට වෙඩි වැදි ඇති අතර මොවුන් හදිසි අනතුරු ඒකකයේ ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එහිදී කොල්ලකරුවන් තිදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර හදිසි අනතුරු ඒකකය අවට දැඩි පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »