බිළිඳු ජීවිත බිළිගත් චේදවාචකයේ තවත් පැත්තක් හෙළිවෙයි..
2018-06-22 12:21:00  ★ 731

පසුගිය දිනවල දකුණු පළාත පුරා පැතිර ගිය ඉන්ෆ්ලුවන්සා වයිරසය නිසා කුඩා දරුවන් රැසකට ජීවිතය අහිමි වුනා. වෛරසය හේතුවෙන් පාසල් සහ පෙරපාසල් නිවාඩු දීම වැනි කාරනා සමඟ දරුවන්ගේ අධ්‍යාපනයටද විශාල බාධකයක් එල්ල වුනා.දකුණු පළාතේ ජන ජීවිතයට විශාල තර්ජනයක් එකතු කරමින් පැතිර ගිය මෙම වෛරසය සම්බන්ධයෙන් විවිධ මත රට පුරා පැතිර යද්දී ඉන් හේලර් කිරීම සඳහා යොදා ගන්නා ඖෂධයක් හේතුවෙන් මෙම වෛරසය පැතිර ගිය බවට සැකයක් මතුව තිබුනා. ඒ අනුව සිදුකරන ලද පරීක්ෂණ වලදී අදාල ඖෂධයේ ක්ෂුද්‍ර ජීවීන් සිටින බවටද තහවුරු කරගෙන තිබූ බව පසුගියදා අප වාර්තා කලා.
පසුව මෙම වෛරසය නිසා වැඩිම පිරිසක් මියගිය කරාපිටිය ශික්ෂන රෝහලෙන් අප මේ පිළිබඳව විමසීමක් කල අතර එහිදී රෝහල් බලධාරියෙකු ප්‍රකාශ කලේ එම ඖෂධය වාට්ටුවලින් ඉවත් කර ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ ඉන්ෆ්ලුවන්සා වයිරසය වැලඳුණු රෝගීන්ට ලබා දුන් එන්නතට වුවමනාවෙන්ම විෂබීජයක් ඇතුළත් කොට ඇති බව අනාවරණය වී ඇති බවයි. මේ පිළිබඳ පර්යේෂණ කරන
විශේෂඥයන් විසින් අදාල එන්නතට විෂබීජයක් ඇතුළු කොට ඇති බව අනාවරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව මෙම විෂබීජය වුවමනාවෙන්ම අදාල එන්නතට ඇතුළු කර ඇත්තේ ශ්‍රී ලංකාවේදීද එසේත් නැතිනම් විදේශ රටකදීද යන්න පිළිබඳව තවම කිසිවක් කිව නොහැකි බව ප්‍රකාශ කල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ ඉන්ෆ්ලුවන්සා වයිරස් තත්ත්වය මේ වනවිට 95% කින්ම පාලනය කර ඇති බවයි.
(under the courtesy of nethgossip.lk news web)

පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ
2019-02-23 03:50:00කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු
2019-02-23 03:48:00මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතනයකට..දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැක..
2019-02-23 02:55:00කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්
2019-02-23 02:48:00පොලීසිය තුළදීම මුගුරකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි
2019-02-23 02:12:00ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනවලට විරෝධය පා රත්ගම වැසියන් ගාලූපාර වසයි.
2019-02-23 02:02:00මොන ඡන්දෙ ආවත් අපි ලෑස්තියි
2019-02-23 01:47:00'ඛේමාගේ කොලුවා' මංගල දේශපාලනයේ 30 සමරයි..කොළඹ ලොකු උත්සවයක්..ඇමරිකාවෙනුත් එයි
2019-02-23 01:34:00විද්‍යාපීඨ අයදුම්පත් 80,000ක්..බදවා ගැනීම දැඩි අර්බදයක්..
2019-02-23 01:28:00සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාව
2019-02-23 01:23:00ඒඩ්ස් (HIV) පරීක්ෂණයක් කරන්න රන්ජන් බෑ කියයි..
2019-02-23 12:18:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com