පොහොර උරයක දමා තිබු පුද්ගල මළ සිරුරක් වියානි ඇළෙන් ගොඩ ගනියි-මරණය අභිරහසක්-සිරුර හඳුනාගනියි

2018-06-22 12:18:00       596
feature-top
පොහොර උරයක බහා මහියංගනය වියානි ඇළට දමා තිබියදී හමුවු  පුද්ගල මළ සිරුර මහියංගනය පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මෙසේ මිය ගොස් ඇති දේහය ඊයේ(21) සවස සොයා ගනු ලැබීය.

මෙසේ මිය ගොස් ඇත්තේ‍්, මාපාකඩ,කෙසෙල්පොත, වෙලංපැල ලිපිනයේ පදිංචිව සිටි  බස්නායක මුදියන්සේලාගේ කරුණාරත්න  නැමති 60 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

මිය ගිය පුද්ගලයාගේ පුතා විසින් මෘත ශරීරය හඳුනාගත් බවත් මරණකරු ගොවිතැනින් ජීවත්වු අයෙක් බව මහියංගනය පොලීසිය  සඳහන් කරයි.

වෙලංපැල ගමට නුදුරින් වියානි ඇළේ පාවෙමින් තිබු මෙම  සිරුර දැක ප්‍රදේශවාසින් විසින් ඊයේ මහියංගනය පොලීසියට දැනුම් දී තිබිණි.

පොලීසිය එය ගොඩට ගෙන මහියංගනය මහේස්ත්‍රාත්වරයා වෙත කරුනු වාර්තා කිරීමෙන් පසු ඊයේ සවස එම ස්ථානයට පැමිණි  මහියංගනය මහේස්ත්‍රාත් නාලක විරසිංහ මහතා  මූලික පරික්ෂණය පවත්වා තිබේ.

මෘතදේහය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණයට ලක්කරවා අධිකරණයට එම වාර්තාව ඉදිරිපත් කරන ලෙසත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහියංගනය ‍පොලීසියට නියෝග කළේය.

පශ්චාත් මරණ පරික්ෂනය සඳහා මෘතදේහය එදිනම රාත්‍රී බදුල්ල මහරෝහලේ මෘත ශරිරාගාරයට බාර දුන් බව මහියංගනය පොලීසිය සඳහන් කළේය.

පශ්චාත් මරණ පරික්ෂණය (22) දා පැවැත්වීමට නියමිතයි.

බදුල්ල පොලිස් අධිකාරි ධම්මික විරසේකර හා සහකාර පොලිස් අධිකාරි උදිත්  ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස්  මත මහියංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ජී.කේ. විජේසේකර මහතාගේ මෙහයවීමෙන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


(under the courtesy of adaderana.lk news web)

More News »