රන් භාණ්ඩහල කොල්ලකන්න ආපු පිරිසක් හා පොලීසිය අතර වෙඩි හුවමාරුවක්-පොලිස් නිලධාරීන් 3ක් හා තවත් 2ක් රෝහලට

2018-06-22 12:14:00       533
feature-top
මාතර නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ වෙළඳ සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලීස් නිලධාරීන් අතර ඇති වු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් 3 ක් හා තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තා කරයි.

අද(22) උදෑසන 10ට පමණ මාතර නගරයේ රන් භාණ්ඩ වෙළඳ සැලක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුගෙන් පමණ සමන් විත කණ්ඩායමක් මංකොල්ලය සිදු කරන අතර වාරයේ දී අසල සිටි පුද්ගලයෙකු පොලීසියට මේ බව දන්වා තිබේ.

අනතුරුව වහාම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරින් මංකොල්ලකරුවන් සිටි ස්ථානයට පැමිණි විට දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

මෙහිදී මංකොල්ලකරුවන් පළා ගොස් ඇති අතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු හා එක් සිවිල් වැසියෙකු හා කාන්තාවක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ අය අතර එක් පොලිස් නිලධාරියෙකුගේ තත්ත්වය බලපතළ බව ද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මංකොල්ලකරුවන් යතුරු පැදි දෙකකින් පළා ගොස් ඇති අතර සැකකරුවන්ට ද වෙඩි ප්‍රහාර එල්ල වීමෙන් තුවාල ලබා ඇති බවට විශ්වාස කරන බව ද පොලීසිය සඳහන් කරයි.

මංකොල්ලකරුවන් අත තිබු ස්වයංක්‍රීය ගිනි අවියක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

පළා ගිය සැකකරුවන් සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇත.


(under the courtesy of adaderana.lk news web)

More News »