හික්කඩුවේ වෙඩි තැබීමක්-1ක් මරුට

2018-06-22 09:51:00       130
feature-top
හික්කඩුව, ගාල්ල-කොළඹ මාර්ගයේ වෑවල හංදිය අසලදී පාපැදියකින් ගමන් කල පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද(22) උදෑසන 7.45ට පමණ වෙඩි තබා පළා ගොස් තිබේ.

වෙඩි වැඳුනු පුද්ගලයා ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 30 ක් වු ඉනාසි චමින්ද නැමති පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විට මෘත ශරීරය ආරච්චිකන්ද රෝහලේ මෘත ශාරීරාගාරයේ තැන්පත් කර තිබේ.

හික්කඩුව පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


(under the courtesy of adaderana.lk news web)

More News »