ජාත්‍යන්තර යෝගා දිනය  නිමිත්තෙන් ඉන්දියාව පුරා වැඩසටහන් රැසක්

2018-06-22 09:24:00       823
feature-top
ජාත්‍යන්තර යෝගා දිනය  නිමිත්තෙන් ඉන්දියාව පුරා යෝගා වැඩමුළු රැසක් සංවිධාන කර තිබිණි.

එහි ප්‍රධාන වැඩමුළුව අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන් උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ දෙහ්රාදුන් නගරයේදී පැවැත්විණි.

සෑම වර්ෂයකම ජුනි 21 වනදා ජාත්‍යන්තර යෝගා දිනය වශයෙන් ජගත් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ යෝජනාවකට අනුව මෙම දිනය ප්‍රකාශය පත් කලේ 2014 වර්ෂයේදීයි.

මෙවර ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඉන්දියාවේ නගර රැසකදී වැඩමුළු පවත්වා තිබේ.

ජලය මත සිට සිදු කරන යෝගා අභ්‍යාස වැඩමුළුවක්ද ඒ අතරට ඇතුලත්ය.

ඒ සඳහා විශාල පිරිසක් සහභාගිවී ඇති බවත් සඳහන්ය.


(under the courtesy of adaderana.lk news web)

More News »