ක්‍රොඒෂියාව ප්‍රබල ආර්ජන්ටිනාව පරදයි

2018-06-22 09:21:00       657
feature-top
ප‍්‍රබල ආර්ජන්ටිනාව පරාජය කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෙරළිකාර ජයක් ලබාගැනීමට ක්‍රොඒෂියාව ඊයේ (21) සමත් වුණා. ඒ, ගෝල 3 ට 0 ක් ලෙසයි. මුල් වටයේ ඩී කාණ්ඩයේ තරගයක් ලෙස මෙය පැවැත්වුණා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මුල් වටයේ සී කාණ්ඩයේ තරග දෙකක් ද ඊයේ පැවැත්වුණා.

එම එක් තරගයකදී පේරු රාජ්‍ය පරාජය කරමින් ප‍්‍රංශය ජය හිමිකර ගත්තා. ඒ, ගෝල 1 ට 0 ක් ලෙසයි.

ඩෙන්මාර්කය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර අනෙක් තරගය පැවැත්වුණු අතර එම තරගය නිමා වුයේ ගෝල 1ට 1ක් ලෙස සම තත්ත්වයෙන්.

(under the courtesy of nethnews.lk news web)

More News »