කිලිනොච්චියේ පාසලක රථ ගාලට නොනවත්වා ගල් ප්‍රහාර

2018-06-21 03:15:00       241
feature-top
කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ රථ ගාලට කිසියම් පිරිසක් විසින් ගල් ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වාර්තාකරු පැවසුවේ අද පෙරවරුවේ එල්ල කළ මෙම ගල් ප‍්‍රහාරයෙන් රථ ගාලේ නවතා තිබූ වාහනවලට අලාභ හානි සිදුව ඇති බවයි.

එසේම ගල් ප‍්‍රහාරය නොනවත්වා එල්ල වූ බවද විදුහලේ ගුරුවරුන් ප‍්‍රකාශ කර තිබෙනවා. මීට මාස 04කට පමණ පෙර ද කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ රථ ගාලට මෙලෙස ගල් ප‍්‍රහාරයක් එල්ලවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොලිසිය සැක පළ කරන්නේ පාසලෙන් ඉවත්ව ගිය සිසුන් පිරිසක් විසින් මෙය සිදු කරන්නට ඇති බවටයි.


(under the courtesy of nethnews.lk news web)

More News »