බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවෙන් ඇසු අවසන් ප්‍රශ්නය

2018-06-19 09:43:00       583
feature-top

අද දිනයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් බුද්ධික පතිරණ, මන්ත‍්‍රීවරයෙකු ලෙස සිය අවසන් ප‍්‍රශ්නය ඇසීම සඳහා පාර්ලිමේන්තුවට අද (19) පැමිණියා. එහිදී ඇති වූයේ මෙවන් සංවාදයක්.

මේ අතර ආන්දෝලනයට තුඩු දී ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව කියන මන්ත‍්‍රීවරුන් 118දෙනාගේ ලැයිස්තුව සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතා අද දිනයේ ද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කළා. 

බැදුම්කර විමර්ශන කොමිෂන් වාර්තාවට අදාළ සියලු ලේඛණ පාර්ලිමේන්තුවට නිකුත් කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් ලද වහාම ඒ අනුව කටයුතු කරන බව දන්වා ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට දන්වා ඇති බවත් නිත්‍යානුකුලව එම ලිපි ලේඛන තමන් වෙත ලැබෙන තෙක් ඒ පිළිබඳව එකිනෙකාට චෝදනා කර නොගන්නා ලෙස සියලුම මන්ත්‍රිවරුන් ගෙන් හා මාධ්‍ය වලින් ඉල්ලා සිටින බවට මෙහිදී කථානායකවරයා දැනුම් දී සිටියා.

මේ අතර පළාත් සභා මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් මෙම සතියේදී තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තුවේ දී අද ප‍්‍රකාශ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම හා කථානායක කරූ ජයසූරිය මහතා.

 

තැපැල් වර්ජනය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මෙහිදී අදහස් දැක්වූ අතර සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊට මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.

 

<

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා 04ක් පිළිබඳ කල් තැබීමේ විවාදය ද පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණා. 


(under the courtesy of nethnews.lk news web)

More News »