රට යන අයට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

2018-06-18 09:38:00       647
feature-top
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරම්භ කිරීමට නියමිත අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, පිටවීමේ පර්යන්තයේ කටයුතුවලට බලපෑමක් සිදුනොවන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.

ඊයේ(18) දිනයේ එමඟින් දැනුම් දී තිබුණේ නියමිත වේලාවට පැය 4කට පෙර ගුවන් තොටුපළට පැමිණිය යුතු බව කෙසේ නමුත්, අදාළ අලුත්වැඩියා කටයුත්තෙන් බාදවක් සිදු නොවන බැවින් සිය ගුවන් ගමන් වේලාවට පැය 3කට පෙර සාමාන්‍ය පරිදි පැමිණීම ප්‍රමාණවත් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1979 අංකය ඇමතීනේ ලබා ගත හැකි බව ශ්‍රීලංකන් ගුවන්සේවය වැඩිදුරටත් දන්වා සිටී.

(under the courtesy of adaderana.lk news web)

More News »