නිවුන් සොයුරියන් ගොදුරට ගත් කාමාතුරයා IMO දැලට කොටුකරගත් හැටි..

2018-06-14 02:39:00       575
feature-top
තම දෙමාපියන් සමඟ අමනාප වී නාවලපිටියේ ප්‍රදේශයේ සිට කොළඹට පැමිණි රූමත් නිවුන් දැරියන් දෙදෙනෙකු දූෂණය කර වසරක පමණ කාලයක් තිස්සේ සොයා ගැනීමට නොහැකිව සිටි පුද්ගලයෙකු ඉමෝ තාක්ෂණය හරහා කරන ලද මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කාන්තාවන් දෙදෙනෙකු සමත් වී තිබෙනවා.

මාතර වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල පුද්ගලයා සමඟ මෙම පොලිස් කාන්තාවන් දෙදෙනා විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් ලෙස පෙනී සිටිමින් චැට් කර තිබෙනවා. එහිදී  නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය විසින් අදාල පුද්ගලයාට ආදරය කරන බව අඟවා ඔහු සමඟ චැට් කර තිබෙන අතර ඇයගේ විශ්ව විද්‍යාල යෙහෙලියක් ලෙස පෙනී සිටිමින් ඇයට හොරෙන් තවත් පොලිස් නිලධාරිනයක්ද ඔහුට ආදරය කරන බව අඟවා තිබෙනවා.

ඒ අනුව අදාල පොලිස් නිළධාරිනියන් දෙදෙනා ඉතා සූක්ෂම ලෙස අදාල පුද්ගලයාව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල ගලහ මංසන්ධියට ගෙන්වා ගෙන තිබෙනවා. කාන්තාවන්ට ලොල් වූ මෙම පුද්ගලයා එක ගමකින් ගොදුරු දෙකක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අදාල ස්ථානයට ගිය අවස්ථාවේදී මෙලසෙ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුකරන ලද විමර්ශන වලට අනුව නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචිකාරියන් වූ 15 හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනා තම පවුලේ අය සමඟ අමනාප වී කොළඹට පැමිණ  පිටකොටුව බස් නැවතුම්පොළේ සිටියදී මෙම සැකකාර පුද්ගලයා විසින් රැකියාවක් දෙන බව පවසා  ලියගම ප්‍රදේශයේ බෝඩිමකට රැගෙන ගොස් අතවරයට ලක්කර තිබෙනවා.

සැකකරු ලියගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන්නකු බව හෙළි වී ඇති අතර  ඔහු ඊයේ (13) නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණා.


(under the courtesy of nethnews.lk news web)

More News »