කපුවා ගම් පළාතෙන් පැන යයි!කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ බව කියන කපුවාගේ නිවසේ තිබී හමු වූ දේ!

2018-06-14 10:47:00       623
feature-top
කතරගම   කිරිවෙහෙර  රජමහා විහාරාධිපති  රුහුණු  මාගම්පත්තුවේ   ප්‍රධාන සංඝනායක  කොබවක ධම්මින්ද නාහිමියන් පසුගිය 12 වෙනිදා රාත්‍රියේ  වෙඩි ප්‍රහාරයකට ලක්වුනා.  කෙසේ  වෙතත්  වෙඩි තැබීමෙන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන  අසේල බණ්ඩාර නැමැත්තා මෙයට සම්බන්ධ බව අනාවරණය කරගෙන තිබුණා.

ඒ් අනුව විශේෂ  පොලිස් කණ්ඩායමක් ඊයේ (13)  පස්වරුවේ සැකකාර කපුවාගේ  නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ෂොට්ගන්  වර්ගයේ පතුරම් තුවක්කු වලට යොදාගන්නා ජීව පතුරම් 10 ක්, කිනිසි දෙකක් සහ කඩු දෙකක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු තවම අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු මේවන විට  ගම් ප්‍රදේශයෙන් පැනගොස් සිටින බවයි සදහන් වන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ ස්වාමීන් වහන්සේ මේ වනවිට  කොළඹ පුද්ගලික  රොහලක ප්‍රතිකාර ලබනවා.


(under the courtesy of nethgossip.lk news web)

More News »