ලොවක් බලා සිටි මොහොත උදා වෙයි-සාමයේ දෑත් දිගු වෙයි

2018-06-12 10:12:00       549
feature-top
සිංගප්පූරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට බාධා තිබූ බව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහතා සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

8.11 am

-Update-
ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය අමතමින් සඳහන් කළේ මෙම ඓතිහාසික හමුව අතිශය සාර්ථක වනු ඇති අතර ඒ වගේම මගේ ගෞරවය සහ අනාගතය ගැන අපට හොඳ හැඟීමක් ඇති වනු ඇති බවයි.

7.31 am

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රාම්ප් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව මීට සුළු මොහොතකින් ආරම්භ වී තිබේ.

සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ පැවැත්වෙන මෙම හමුව ලොව පුරා කගේත් අවධානය දිනාගත් හමුවක් ලෙස සැලකෙයි.

අදාළ හමුව වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් 3000කට අධික සංඛ්‍යාවක් සිංගප්පූරුව වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

සාකච්ඡාව සඳහා දෙරටේ රාජ්‍ය නායකයින් පසුගිය ඉරිදා දිනයේ සිංගප්පූරුව වෙත පැමිණි අතර ඔවුන්ගේ හමුවීම මෙරට වේලාවෙන් 6.30ට ආරම්භ විය.

උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »