දේවාලයක පින් පෙට්ටියට විදින්න ගිය හමුදා සෙබළෙකු මාට්ටු

2018-06-05 11:47:00       727
feature-top
අයියනායක දේවලයක පින් පෙට්ටියක් බිඳීමට උත්සාහ කළ බව කියන නාවුක හමුදා සෙබළෙකුව ගම්වාසීන් විසින් අල්ලා ගෙන පුත්තලම පොලීසියට බාර දී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

පසුගිය 03 වැනිදා රාත්‍රියේ මෙම සිද්ධිය සිදුවී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

පුත්තලම - අට්ටවිල්ලුව ප්‍රදේශයේ පිහිටි අයියනායක දේවාලයක පින් පෙට්ටිය සැකකරු විසින් බිඳීමට උත්සාහ කරන විට ගම්වාසීන් විසින් ඔහුව අල්ලා ගෙන තිබේ.

සැකකරු තමන්ගේ විවාහය සඳහා නිවාඩු ලබා පැමිණ සිටි අයෙකු බවට හෙලිවී ඇතැයි පොලීසිය පවසයි.

විවාහය අවසන් වී නිවසට වී සිටින අතර තුර මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


(under the courtesy of adaderana.lk news web)

More News »