මරණ දඬුවම නියම වූ වඩේ සුදා ධාවනය වූ දුම්රියකදී කතක්‌ කෙලෙසුවාට තවත් වසර 15 ක සිරදඬුවමක්‌ නියම වෙයි

2018-06-05 11:29:00       726
feature-top
මීරිගම විල්වත්තේ නිශානි බුද්ධිකා තරුණිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරු වී දැනට මරණ දඬුවම් නියමව සිටින වඩේ සුදා හෙවත් සමන්ත තිලකසිරි යන විත්තිකරුට එරෙහිව තවත් ස්‌ත්‍රී දූෂණ නඩුවක තීන්දුව දෙමින් ගම්පහ සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත සිල්වා මහතා විත්තිකරුට තවත් වසර 15 ක සිර දඬුවම් නියම වී තිබෙනවා.

නිශානි බුද්ධිකා ඝාතන සිද්ධියට පෙර රාත්‍රි ධාවනයේ තිබූ දුම්රියක මැදිරියක්‌ තුළ වෙළෙම් කිරීම සඳහා ගොඩවී සිටි 40 හැවිරිදි කාන්තාවක්‌ ගම්පහ සහ බෙම්මුල්ල අතර දුම්රිය ධාවනය වෙමින් තිබියදී දුම්රිය මැදිරියේදී කෙලෙසුවේ යෑයි යන සිද්ධිය සම්බන්ධයෙන් දුම්රියේ සංචාරක වඩේ වෙළෙන්දකු වන වඩේ සුදා යන අයට වසර 15 සිර දඬුවම නියම වුණා.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙවන විත්තිකරුවූ එච්. එම්. රත්නසිරි යන විත්තිකරුට වසර 12 ක සිරදඬුවමක්‌ නියම කළ විනිසුරුවරයා රුපියල් 10,000 බැගින්වූ වන්දියක්‌ ගෙවන ලෙසටද විත්තිකරුවන් දෙදෙනාටම නියෝග කර තිබෙන බවයි පැවසෙන්නේ.
 
වඩේ සුදා හෙවත් සමන්ත තිලකසිරි යන විත්තිකරුට නිශානි බුද්ධිකා ඝාතනය සම්බන්ධයෙන් 2015 වර්ෂයෙහි ගම්පහ මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබෙනවා.
(under the courtesy of gossip.hirufm.lk news web)

More News »