දුරදිග ගිය සමරිසි ඇසුර නොසිතූ මොහොතක අපරාධයකට මුල පිරූ හැටි

2018-06-05 11:26:00       722
feature-top
කෙටි පණිවිඩයකින් හඳුනාගෙන සමලිංගික ඇසුරට වැටිලා..
එක් අයෙකුගේ බෑගයකින් වස කුප්පියකුත් හමුවෙලා..

මාතලේ නගරයේ අවන්හලක කාමරයක් තුළ ලැගුම්ගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිගයාමෙන් ඇතිවූ පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත්කළ බව මාතලේ පොලිසිය පවසනවා.

මාතලේ වාලවෙල හා රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 හා 24 වයසැති මෙම තරුණයින් දෙදෙනා වසර දෙකකට පමණ පෙර එක් තරුණයෙකුගේ දුරකථනයකට පැමිණි කෙටි පණිවිඩයක් හේතුවෙන් දැන හඳුනාගෙන මාස ගණනක් දුරකථනයෙන් කථා කර ඇති කරගත් හිතවත්කම සමලිංගික ඇසුරක් බවට පත්ව ඇති බවයි පොලිසිය විසින් සිදු කරන ලද මූලික පරික්ෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම තරුණයින් දෙදෙනා විටින් විට ඔවුන්ගේ නිවෙස්හි දින ගනන් නැවති මිතුරන් ලෙස ආශ්‍රය කර ඇති අතර පසුගිය වසරේදී ඔවුන් මාතලේ නගරයේ ප්‍රධාන සිල්ලර බඩු වෙළෙඳසැලක සේවයට එක්වී එහි නැවතුම් පලහි නතර වී සේවය කර තිබේ.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු එහි සේවයෙන් ඉවත්වී විදේශ ගතවීමට තිරණය කර ඇති අතර එම තිරණයට උරණ වූ අනෙක් තරුණයා අත්‍යවශ්‍ය කාරණයක් කීමට ඇති බව පවසා අවසන් වරට ඔහුව හමුවන ලෙස ඉල්ලිමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ඉල්ලීමට අනුව මාතලේ නගරයට පැමිණි එම තරුණයා සමග මාතලේ හිග්ගොල්ල ප්‍රදේශයේ අවන්හලක නතර නතර වී ඇති අතර විදේශ ගතවීමට ගත් තිරණයට එරෙහිව මොවුන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීම දුරදිග යාමෙන් පිහිඇනුමක් දක්වා වර්ධනය වී ඇති බව පොලිසිය පවසනවා.

මොවුන් දෙදෙනොගෙන් එක් අයෙකුගේ ඇදුම් බෑගයේ සගවා තිබූ වස බොතලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

තුවාල ලැබූ  පුද්ගලයා මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් සැකකරු මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.


(under the courtesy of hirunews.lk news web)

More News »