ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සභා රැස්වීම  දින නියමයක් නැතුව කල්යයි

2018-05-31 09:28:00       367
feature-top
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් තබා තිබේ.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද(31) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම කල් දැමීමට තීරණය කර ඇති බවයි.

ඊයේ(30) දිනයේදී අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය පැවැත්වීම ජුනි මස 14 වන දින  දක්වා වලක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් ලබාදෙනු ලැබුවේය.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙක් වන නිශාන්ත රණතුංග මහතා ගොනු කළ පෙත්සමත් සළකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »