එංගලන්තෙට ගියාම අපිට දඟ කැවෙන තණතීරු දෙනවාද? පළමු ටෙස්ට් තරගය ගාල්ලෙන් ඉවත් කරගන්න එංගලන්තය දැඩි උත්සාහයක.

2018-05-28 02:15:00       552
feature-top
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ වසර අගදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පැවැත්වීමට නියමිතව තිබුනේ ගාල්ල ක්‍රීඩාංගණයේදීය.

කෙසේ වෙතත් ගාල්ල ක්‍රීඩා පිටියේ තනතීරූව බුකිකරුවන්ගේ අවශ්‍යතා අනුව වෙනස් කිරීමේ සැලසුමක් හෙළිවූ පසු එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු ටෙස්ට් තරගය ගාල්ල ක්‍රීඩා පිටියෙන් මාරු කිරීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

මෙම සිදුවීමට සම්බන්ධ නිළධාරීන් දැනටමත් සේවයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුනද එංගලන්ත ක්‍රිකට් ආයතනයේ උත්සාහය ගාල්ල ක්‍රීඩා පිටියෙන් වෙනත් ක්‍රීඩා පිටියකට පළමු ටෙස්ට් තරගය ගෙන යෑමට බව සදහන්. ගාල්ල තනතීරූව සාමාන්‍යයෙන් දඟ පන්දු යවන්නන්ට හිතකර ස්වභාවයක් පෙන්වන අතර එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවලට නොව ඉන්දියාව, පාකිස්තානය වැනි ආසියාතික රටවලට පවා ගාලු පිටියේදි ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණියට මුහුණ දීමට අපහසුය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු මාධ්‍යයට පවසන්නේ  තණතීරුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් කරනු ලබන ඕනෑම පරීක්‍ෂණයකට පූර්ණ සහයෝගය දෙන බවයි.

“අපි ලබන සඳුදාම අපේ ආරක්‍ෂක සහ දූෂණ මර්ධන නිලධාරියා කැඳවලා මේ ගැන පියවරක් ගන්නවා. ඒ සම්බන්ධයෙන් අපට කරන්න පුළුවන් දේ තමයි මුලු රටේම ක්‍රීඩාංගණවල තණතීරුවල තත්ත්වය සම්බන්ධයෙන් වගකීමක් ගන්න කෙනෙක් පත්කරන එක..එයා ඒ සම්බන්ධයෙන් වගකියන්න ඕනේ” යනුවෙන් එම නිලධාරියා මාධ්‍යයට පවසා තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම උසස් නිළධාරීයා

“කොහොම වුණත් තරගාවලිය අවලංගු කරන්න එංගලන්තයට පුළුවන් කමක් නෑ. ඒකට ඒ ගොල්ලන් බැඳිලා ඉන්නවා.. ඔය උත්සාහ කරන්නේ පළමු ටෙස්ට් තරගය ගාල්ලෙන් එළියට ගන්නයි”

“ඒකෙන් වෙන්නේ සත්කාරක කණ්ඩායම වශයෙන් අපට තියෙන වාසිය ඉවත් කිරීමයි. ඒත් ලෝකයේ ඕනෑම රටක තරගාවලියක් පැවැත්වෙනකොට සත්කාරක රටට වාසි වෙන විදිහට තමා තරගාවලියේ කාල සටහන වගේම තණතීරුත් සකස් කරන්නේ...ඒක සාමාන්‍ය දෙයක්”

“මොකද එංගලන්තෙට හරි නැත්නම් ඕස්ට්‍රේලියාවට ඒත් නැත්නම් දකුණු අප්‍රිකාවට ගියාම අපට දඟ කැවෙන තණතීරු දෙනවාද?” යනුවෙන් පවසා තිබුනා.



(under the courtesy of nethgossip.lk news web)

More News »