අභියාචනාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්න ඉල්ලා ජාලිය වික්‍රමසූරියගෙන් පෙත්සමක්

2018-05-28 02:08:00       543
feature-top
තමාට හිමි තානාපති වරප්‍රසාද කප්පාදු කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකානු රජය වෙත නිකුත් කර ඇති ලිපියක් බලරහිත කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගයක් බලරහිත කරන මෙන් ඉල්ලා අමෙරිකවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදේශ අමාත්‍ය තිලක් මාරපන,එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

ජාලිය වික්‍රමසූරිය මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ තානාපති වරප්‍රසාද කප්පාදු කරමින් ශ්‍රී ලංකා රජය විසින් ඇමෙරිකානු රජය වෙත නිකුත් කර ඇති ලිපියක් බලරහිත කරන මෙන් ඉල්ලා තමා මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළ බවයි.

එම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඉකුත් මාර්තු මස තීන්දු කළ බව පෙන්වා දෙන ජාලිය වික්‍රමසූරිය මහතා එසේ ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය නීතියට පටහැනි බව කියා සිටියි.

මේ හේතුවෙන් තම පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනා අධිකරණය දුන් නියෝගය නීතිවිරෝධී බවට තීන්දු කොට තානාපති වරප්‍රසාද කප්පාදු කරමින් මෙරට විදේශ අමාත්‍යාංශය මගින් නිකුත්කර ඇති ලිපිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ජාලිය වික්‍රමසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ විශේෂ අභියාචනා පිරිස මෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව සලකා බැලීම සඳහා පෙත්සම ලබන18 වනදා විවෘත අධිකරණයේ කැඳවන මෙන් නියම කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන් වෙත නොතීසි යවන ලෙස ද පෙත්සම්කාර පාර්ශවයට දන්වා තිබේ
(under the courtesy of adaderana.lk news web)

More News »