කවිබණ හාමුදුරුවො බියර් පොවා තරුණියක් කෙලෙසයි

2018-05-28 01:11:00       536
feature-top
ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ තරුණියකට  ලිංගික අතවර කළේ යැයි කියන දිවයිනේ ප්‍රසිද්ධ කවිබණ ගායනා කරන හිමිනම සහ ඔහුගේ රියදුරු තෙලිකඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන පසුව රුපියල් ලක්ෂ දෙක (2,00000/-) බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පසුගියදා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මීට අදාල නඩුව 2018 ජුනි මස 06 දින නැවත කැදවන බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

මෙසේ ඇපමත මුදාහරින ලද්දේ තෙලිකඩ, සුනන්දාරාමයේ වැඩවාසය කරන මාන්පිටියේ සිරි සුමන (26) නැමැති භික්ෂූන් වහන්සේ සහ ඔහුගේ රියදුරාය.

අතවරයට පත්ව ඇත්තේ ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියකි. ඇය දෙවන සැකකාර රියදුරුගේ හිතවතියක් බවද තෙලිකඩ පොලිසිය කියයි. පසුගිය දිනක ඇය හික්කඩුව ප්‍රදේශයේ රාත්‍රී සාදයකට යෑමට සූදානම්ව සිටියදී අදාල ස්ථානයට ඇරලවන්නේ යැයි පවසා සැකකරුවන් දෙදෙනා විසින් තරුණිය සිය මෝටර් රථයේ නංවාගෙන පැමිණ තිබේ. එයින් පසුව ඇයටද බියර් බොන්නට දී සැකකරුවන් දෙදෙනාද බියර් පානය කර ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තෙලිකඩ පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

පසුව රාත්‍රී 1.00 ට පමණ ඇය මෝටර් රථයේ නංවාගෙන යමින් සිටියදී ලිංගික අතවර කර ඇති බවත් එහිදී ඇය මෝටර් රථයේ සුක්කානම කර කැවීම හේතුවෙන් මෝටර් රථය පාරෙන් ඉවතට පැන වෙලකට වැටී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පසුව සැකකරුවන් දෙදෙනා පලාගොස් ඇති අතර තරුණිය ප්‍රදේශවාසීන් විසින් තෙලිකඩ පොලීසියට බාර දී තිබේ. මොටර් රථයද බද්දේගම, ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පන්සල ඉදිරිපිට වෙලේ තිබියදී පොලිසියේ බාරයට ගෙන තිබේ.

තෙලිකඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති,  උප පොලිස් පරීක්ෂක සමරජීව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.


(under the courtesy of srilankamirror.lk news web)

More News »