ආණ්ඩුවේ අය අපරාධ කල්ලි මෙහෙයවීමෙන් අහිංසක මිනිස්සු මැරෙනවා

2018-05-28 01:07:00       539
feature-top
ආණ්ඩුවේ දේශපාලනඥයින් සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවීම හේතුවෙන් දිනපතා අහිංසක මිනිසුන් ඝාතනයට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසයි.

පිළියන්දල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පොලීසියට අපරාධ කල්ලි මර්දනයට හැකියාව තිබුණ ද ආණ්ඩුවට ඒ පිළිබඳ උනන්දුවක් නොමැති බවයි.

මේ අතර ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ පසුගිය ආණ්ඩුව සමයේද සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දැඩිව ක්‍රියාත්මක වූ බවයි.
(under the courtesy of adaderana.lk news web)

More News »