ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

2018-05-28 12:28:00       162
feature-top
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී රංජන් සිල්වා මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද(28) සිදුකිරීමට නියමිතයි.

ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා ක්‍රීඩකයින් මෙන්ම දේශපාලනඥයින්  රැසක් එක්වෙමින් සිටියි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන හා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වූ රංජන් සිල්වා මහතා රත්මලානේ පිහිටි සිය නිවස ඉදිරිපිටදි පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් සිදුතළ වෙඩි තැබීමකින් මියගියේ පසුගිය 24වන දින රාත්‍රියේදීයි.

ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් මේ වනවිටත් එම නිවසට පැමිණෙමින් සිටියි.

රංජන් සිල්වා මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරු 4ට ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි.


(under the courtesy of adaderana.lk news web)

More News »