විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනිම ජුනි මස 05 සහ 06

2018-05-25 01:45:00       563
feature-top
2017 වර්ෂයට අදාළව විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනිම ජුනි මස 05 සහ 06 යන දෙදින සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

දිවයින පුරා පිහිටි විද්‍යාපීඨ 19ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය  සඳහන් කළේය.

2015 අධ්‍යන පොදු  සහතික පත්‍ර උසස් පෙල විභාගයේ ප්‍රතිඵලවලට අනුව විද්යා  පීඨ 19 ක පාඨමාලා 27ක් සදහා සිසුන් 4746 දෙනෙකු බඳවා ගැනිමට නියමිතව තිබේ.

ඒ සඳහා වන කැඳවිම් ලිපි ඉදිරි සතිය තුළ අදාළ අයදුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය  වැඩිදුරටත් සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

More News »