පස් කන්දක් කඩා වැටී සහ දියේ ගිලී දෙදෙනකු මරුට

2018-05-25 12:17:00       553
feature-top
අලව්ව නව තල්වත්ත ප‍්‍රදේශයේ නිවෙසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද (25) අලූයම මෙම සිද්ධියෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇති බවයි අලව්ව පොලීසිය පැවසුවේ. මෙ

ලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය වන අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ වයස අවරුදු 03ක් වන දියණියද එම නිවසේ සිට තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් දිවි ගලවා ගෙන ඇති බවයි අලව්ව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

රත්නපුර පොලිස් වසමේ ගලගමදෙණිය ප්‍රදේශයේ ඔරුවක් පදිමින් සිටි පුද්ගලයකු ඔරුව පෙරළීයාවෙන් දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. රෝහල වෙත රැගෙන යමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔහු යූ. ඒ. යූ හේමකුමාර නම් (50) වියැති, රත්නපුර දොඩම්පේ පුවක්ගහවෙලවත්තහි පදිංචිකරුවකු වනවා.



(under the courtesy of nethnews.lk news web)

More News »