සුගත් ගොළු කළ සැබෑම දම්මි දැයෙන් සමුගනී

2018-05-23 05:14:00       604
feature-top
කරුණාසේන ජයලත් මහතා ගොළු හදවත නවකතාව ලිවීමට හේතු වූ ඔහුගේ සැබෑ  ජීවිතේ ආදර අන්දරයක් විය. ඒ ඔහු ගොළු කළ සැබෑම දම්මි නිසාය. ඒ කරුණාරත්න ජයලත් ශූරීන් පෙම් කළ පද්මා නාලිනී ගුණරත්න මහත්මියයි. දම්මි චරිතය ගොඩ නැඟෙන්නේ ඇය හරහා බව බොහෝ දෙනෙක් නොදත් කාරණාවක්.

මද කලක් රෝගාතුරව සිටි පද්මා නාලිනී ගුණරත්න මහත්මිය ඊයේ (22දා) රාත්‍රීයේ  කොල්ලුපිටියේ පිහිටි ඇගේ නිවසේදී ජිවිතයෙන් සමුගත්තා.

ගොළු හදවත ප්‍රේමණිය නවකතාවේ ප්‍රධාන චරිත තුනක් තිබුණා. ඒ සුගත්, දම්මි සහ නිහාල්. මේ තිදෙනාම සැබෑ චරිත වූ අතර ජයලත් හා බෝල්ඩ්වින් යන දෙදෙනාම තම සිතෙහි වූ ප්‍රේමය කිසි දිනෙක දම්මිට ප්‍රකාශ කළේ නෑ. දම්මි මේ දෙදෙනාටම ආදරණීය මිතුරන් ලෙස සැලකුවා.

හදවතේ ගොඵ වූ තම ආදරය පදනම් කර ගනිමින් ජයලත් ගොඵ හදවත ලිව්වා.. සැබෑ කතාවේ සුගත් කියන්නේ කරුණාසේන ජයලත් විය. ඔහුද අද අප අතර නැත. නිහාල් පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ජිවිතයෙන් සමුගත් දොන් බෝල්ඩ්වින් කුරුප්පු නොහොත් ඩී. බී. කුරුප්පුය. දම්මී පද්මා නාලනී ගුණරත්නය. ගොඵ හදවත නවකතාවේ දම්මි විවාහ වන්නේ නිහාල් සමගිනි. එහෙත් සැබෑ කතාවේ ජයලත්ට හෝ බෝල්ඩ්වින්ට පද්මා හා විවාහ විය නොහැකි විය.

ගොළුහදවත තවත් හදවත් ගොඩක් ගොළු කළා. මේ සටහන තබන්නේ ඒ ආදරණීය රසිකයන් වෙනුවෙන්.
(under the courtesy of srilankamirror.lk news web)

More News »