මධ්‍යම කඳුකරයට තද වැසි: ලක්ෂපානේ වාන්දොරටු විවෘතයි (PHOTOS)

2018-05-20 06:50:00       366
feature-top

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන වැසි තත්ත්වයේ වැඩි වීමත් සමග ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට විවෘත කර ඇති බව නෙත් නිවුස් අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.

ඊට අමතරව කාසල්රී, කැනියන් හා විමලසුරෙන්ද්‍ර යන ජලාශයන් ආශ්‍රිතවද අද (20) පස්වරුවේ සිට ධාරානිපාත වැසි ඇදහැලෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර නාවලපිටිය නගරයද ඇදහැළුණු වර්ෂාවත් සමග ජලයෙන් යටවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.


(under the courtesy of nethnews.lk news web)




More News »