දිවයින පුරා අධ්‍යාපන කලාප කාර්යාල වැඩි කෙරේ - ගර්භණී ගුරුවරියන් සඳහා අලුත් ඇඳුමක්

2018-05-20 06:44:00       211
feature-top

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පරිපාලන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් දැනට 98 ක්ව පවතින දිවයින පුරා අධ්‍යාපන කලාප කාර්යාල ගණන ඉදිරියේ දී 200 ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිකළ ත්‍රිකුණාමලය නාලන්දා විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල පසුගියදා විවෘත කෙරුණු අතර එම උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

සෑම අධ්‍යාපන කලාපයක් සඳහාම ගුරු සංචිතයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බවත්, අධ්‍යාපන ක්ෂේත්‍ර‍යේ කාර්යක්ෂමතාව වැඩි කිරීම එහි අරමුණ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

එමෙන්ම ගර්භණි ගුරුවරියන් සඳහා විධිමත් හා සෞඛ්‍යාරක්ෂිත නව නිල ඇඳුමක් හඳුන්වා දීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහි දී සඳහන් කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »