මහින්ද සහ 16 දෙනා අතර සාකච්ඡාව හදිසියේ කල්දායි

2018-05-20 06:43:00       367
feature-top

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම අතර අද (20) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

එය ලබන 23වැනිදා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය, රටේ අනාගතය ආදී කරුණු මෙම හමුවේදී සාකච්ඡා කරන බවයි ඔහු සඳහන් කළේ. 

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය තාවකාලිකව වෙනස් කිරීමට මධ්‍යම කාරක සභාව ගත් තිරණය සම්බන්ධයෙන්ද මන්තී‍්‍රවරයා මෙහිදී අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කටයුතු නොකරන නිලධාරී කණ්ඩායමක් පත් කර ගැනීමේ ඇති අවශ්‍යතාව හේතුවෙන් මෙම තනතුරු වෙනස සිදු කරන බවයි. ශ්‍රීලනිපය එජාපය සමග එකට කටයුතු කිරීමට ශ්‍රීලනිප පාක්ෂිකයන් විරුද්ධ බවත් ඒ මතය 95 දෙනාගෙන් 23 දෙනෙකු ඇරෙන්නට අනෙක් සියලු දෙනා ද ඒ මතය පිළි අරගෙන සිටින බවත් සඳහන් කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »