රට වෙනුවෙන් දිවිපුජා කල රණවිරුවන්ව අමතක වෙලා - ගෝඨාභය රාජපක්ෂ

2018-05-17 07:12:00       240
feature-top

වසර 30 ක් පුරා මෙරට වෙලාගෙන තිබු මිලේචිඡ ත්‍රස්තවාදය තුරන් කර රට බේරා ගැනීමට කටයුතු කල රණවිරුවන් ගේ කැපකිරීම් මේ වන විට බොහෝ දෙනෙක්ට අමතකව ගොස් ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ඒ හෙටට (18) යෙදී ඇති ජාතික රණවිරු දිනය සම්බන්ධයෙන් නෙත් නිවුස් කල විමසීමකට පිළිතුරු දෙමින්.

මේ ලෝකේ කිසිදු රටක හමුදාවකට ත්‍රස්තවාදය මුලින්උපුටා දැමීමට හැකිවී නැහැ. එවැනි දෙයක් කරන්න හැකිවූ එකම හමුදාව සිටින්නේ ශ්‍රී ලංකාවෙයි. ඔවුන් මේ කැපකිරීම සිදුකලේ කිසිදු පෞද්ගලික වාසි බලා ගෙන නෙවෙයි. ඔවුන් මේ සියලු දේ කලේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් සහ  මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. 

සමහර අයට අමතක ඈති මේ රටේ කෙතරම් අහිංසක මිනිසුන් ප්‍රමාණයක් මේ රුදුරු ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන්න ඇතිද කියා. ඒ ගැන මතක් කරන විට විශේෂයෙන්ම උතුරු සහ නැගෙනගිර පිහිටි මායිම් ගම්මානවල විසු අහිංසක ජනතාව ඇතුළු රටේ සිදුවූ මිනිස් සංහාරයන් අවසන් කිරීමට ත්‍රිවිධ හමුදාව කැපවූ අයුරු අමතක කල නොහැකි බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.

එමෙන්ම රට වෙනුවෙන් යුද්ධයට ගොස් ආබාධිතවූ රණවිරුවන් සම්බන්ධයෙන් තමන් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල සමයේදී අත්තිඩියේ ඉදිකළ "මිහිදු සෙත් මැදුර" හා අනුරාධපුරය,කුරුණෑගල සහ කඹුරුපිටියේ ඉදිකළ "අභිමංසල" ව්‍යාපෘති හරහා ඔවුන්ගේ සුභසාධනය ගැන කටයුතු කලත් වර්තමානයේදී එහි ඇති තත්ත්වය ගැන කීමට තමන්ට නොහැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


(under the courtesy of nethnews.lk news web)

More News »