"ඔඩ්ඩුසුඩ්ඩාන් කදවුරේ බෞද්ධ විහාරයක් හදලා" හමුදාපතිවරයා මානව හිමිකම් කොමිසමට ගෙන්වයි,හේතුව බුදු මැදුරක් සෑදීමලු!

2018-05-17 05:14:00       505
feature-top
යුද හමුදාපති මහේෂ් සේනානායකට මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙන පුවතක් වාර්තා වෙනවා.

ඒ ඔඩ්ඩුසුඩ්ඩාන් හමුදා කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ඉදිකිරීම සම්බන්ධයෙනි. හමුදා කදවුර තුල ඉදිකළ මෙම විහාරය හේතුවෙන් යුද හමුදාපතිවරයාට සහ ඔඩ්ඩුසුඩ්ඩාන් හමුදා කඳවුරේ ප්‍රධානියාට මෙලෙසින් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙන බව සදහන්.

පුදුකුඩිඉරිප්පු මාර්ගයේ පිහිටි මෙම කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ඉදිකර ඇති බවට පිරිසක් විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබේ. දිසා ලේකම් කාර්යාලය විසින් මෙම හමුදා කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ස්‌ථාපිත කර ඇති බව තහවුරු කර තිබෙන බවද සදහන්.
(under the courtesy of nethgossip.lk news web)

More News »