රෝසිගේ වැසිකිළියේ වටිනාකම ගැන ප්‍රසන්න කියයි

2018-05-17 05:10:00       528
feature-top
අද වන විට ඉන්ධන මිල බස් ගාස්තු ඇතුලු සියල්ලම ඉහගොස් ඇති බවත් ඒ හේතුවෙන් ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට  එක් වෙමිනි.

කොළඹ පුරපතිනිගේ නිවසේ ඇති වැසිකිලි පද්ධතිය ප්‍රතිසංකරණය කිරීම සඳහා ලක්ෂ 57 ක් වෙන් කර ඇති බවත් පුරපතිනිගේ වැසිකිළියට ලක්ෂ 57 ක් වියදම් වනවා නම් අගමැතිවරයාගේ වැසිකිළියට කීයක් වියදම් වනවාදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩුව විසින් ජනතාව රවටා ඇති බවත් එම නිසා තවදුරටත් ජනතාව රැවටීමට ලක් නොකර නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසයි.


(under the courtesy of adaderana.lk news web)

More News »