ශී‍්‍රලනිපයේ තනතුරු වෙනසක් අද නැහැ

2018-05-17 04:51:00       532
feature-top
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීම විශේෂ හෝ තීරණාත්මක එකක් නොවන බව එහි උප සභාපතිවරයෙකු වන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ පවසනවා. ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායම කියා සිටියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන බවට වන සිය යෝජනාව පිළිබඳ මෙම සාකච්ඡාවේදී තීරණයක් ගනු ඇති බවයි.

එමෙන්ම ඉහළ තනතුරු වෙනස් කිරීම ඇතුලූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන පිළිබඳවද මෙහිදී තිරණ ගැනෙනු ඇතැයි ඔවුන් කියා සිටියා. එහෙත්, එවැනි සූදානමක් මේ දක්වා නොමැති බවයි නෙත් නිවුස් කළ විමසීමේදී රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ අවධාරණය කළේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැුස්වන්නේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්.



(under the courtesy of nethnews.lk news web)

More News »