දියතලාව ගුවන් හමුදා කඳවුරේ පිපිරීමක්

2018-05-17 12:03:00       531
feature-top
දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ අද(17) උදෑසන පිපිරීමක් සිදුව තිබේ.

පුහුණු වීමක් අතර තුර සිදුවී ඇති වු මෙම පිපිරීමෙන් ගුවන් හමුදා ආධුනික සෙබළියක් හා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

අද දෙරණ කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ, පුපුරා ගොස් ඇත්තේ අත් බෝම්බයක් බවයි.

නරියකන්ද ප්‍රදේශයේදී ගුවන් හමුදා පුහුණු අභ්‍යාසයක් අතර තුර මෙය සිදුව ඇති බව වාර්තාකරු පවසයි.

තුවාලකරුවන් මේ වන විට දියතලාව මුලික රෝහල වෙත ඇතුළත් කළ බව ද වාර්තා වෙයි.


(under the courtesy of adaderana.lk news web)

More News »