මහින්දානන්දට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්න අල්ලස් කොමිසමට කල්දෙයි

2018-05-17 11:47:00       529
feature-top
හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට ජුනි මස 12 වනදා දක්වා කල් ලබා දී තිබේ.

ඉකුත් රජය සමයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් හා දහම් ලෑලි මිලදී ගැනීමේදී රජයට රුපියල් කෝටි 5 කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් පනත යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

එම නඩුව අද(17) කැඳවූ අවස්ථාවේදී සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී අල්ලස් කොමිසමේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියේ දෙවන සැකකරු ලෙස නම් කිරීමට යෝජිත සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.

කරුණු අධ්‍යනය කර චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන මෙන් ද අල්ලස් කොමිසම අධිකරණය ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ජුනි මස 12 වනදා සැකකරුවන්ට අදාළ චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් අල්ලස් කොමිසමට නියම කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »