අඹ විකුණන්න තියෙනවද අහලා රන් මාලය කොල්ල කාපු හැටි

2018-05-17 11:45:00       334
feature-top
අඹ විකීණීමට තිබේදැයි විමසා පැමිණ කාන්තාවක් ගෙළ බැඳි සිටි රුපියල් 48,000 ක් වටිනා රන් දම්වැලක් කොල්ලකා පලා ගිය අයෙකු සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරන බව හලාවත පොලීසිය පවසයි.

හලාවත - වීවර්ස් පාර පදිංචිකාරියක වන මේරි ජසින්තා ප්‍රනාන්දු (අවු:69) යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇත.

පසුගිය 16 වැනිදා දහවල් කාලයේ තමා නිවසේ සිටින විට පැමිණි අයෙකු අඹ විකීණීමට තිබේදැයි විමසූ බවත්,ඒ අනුව ඔහු හා කථා කිරීමට ගිය තමා ගෙළ බැඳි සිටි පවුමක් පමණ බරැති රන් දම්වැල එම අය විසින් කඩා ගෙන යතුරු පැදියක නැගී පලා ගිය බව පැමිණිළිකාරිය පොලීසිය හමුවේ සඳහන් කර ඇත.

සැකකරු හඳුනා ගෙන නොමැති අතර,හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.


(under the courtesy of adaderana.lk news web)

More News »