වැල්ලවායේ තරුණයෙක් තියුණු ආයුධවලින් පහරදීලා ඝාතනය කරලා

2018-05-17 11:16:00       570
feature-top
වැල්ලවාය අලුත්වල ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඇතිලිවැව වෙහෙරයාය ප්‍රදේශයේ 21 හැවිරිදි පදිංචිව සිටි තරුණයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එම තරුණයා පදිංචිව සිටි නිවසට කිලෝමීටර් 8ක් පමණ දුරින් වු ප්‍රදේශයක අතුරු මාර්ගයක් තිබී ඔහුගේ මළ සිරුර සොයාගෙන තිබේ.

එම තරුණයා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියක් ද අදාළ ස්ථානයේ තිබී වැල්ලවාය පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.

ඝාතනය සිදුකළ පුද්ගලයා හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා වැල්ලවාය පොලීසිය විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »