මහ පාන්දර ආපු හොරා සොයා යන කොරා

2018-05-17 10:13:00       243
feature-top
හැටන් නගරයේ ප්‍රධාන විදියේ තොග සහ සිල්ලර වෙළඳ සැලක් කඩා ඇතුල් විමට උත්සහ කළ සැකකරුවෙකු සොයා හැටන් පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබේ.

අද(17) අලුයම 3 - 4 ත් අතර කාලයේ කුඩා යකඩ ඉන්නයකින් එම වෙළදසැලේ ඉබි තුනක් කඩා වෙළඳ සැල් තුළට සැකකරු ඇතුල් විමට උත්සහ කර ඇති අතර එම ඉබි දමා තිබු කොන්ඩිපට්ටමක් හිර විම නිසා සැකකරුගේ උත්සහය ව්‍යර්ත වි ඇත.

හැටන් නගරයේ රාත්‍රී මුර සංචාරයේ යෙදි සිටින පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරින් එම වෙළදසැලේ තබා ඇති වේලාව සටහන් කරන පොත අත්සන් කිරිමට යාමේදි වෙළඳසැල කඩා ඇති බව දැන ගෙන ඒ බැව් වෙළදසැල අයිතිකරුට දැනුම් දි තිබේ.

හැටන් පොලිස් සුනඛ අංශයේ කොරා සුනඛයාගේ සහයෝගය සහ අවට වෙළඳසැල්වල සවි කර ඇති  ආරක්ෂිත කැමරා පද්ධතිවල පටිගත වි ඇති දර්ශන ඔස්සේ සැකකරු හඳුනා ගැනිමට ගැනිමට පොලීසිය කටයතු කර ඇත.

More News »