අකුණු සැර වැදිලා පුද්ගලයෙක් අවසන් ගමන් යයි

2018-05-17 09:19:00       528
feature-top
අකුණු සැර වැදීමෙන් සූරියවැව, සුරියපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබේ.

කුඹුරු යායක වැඩ කැමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට අකුණු සැර වැදී බරපතළ තත්ත්වයේ කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

 මියගොස් ඇත්තේ සූරියපුර, සමනල පාලම ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙක්ය.

 මෘත ශරීරය කන්තලේ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(17) සිදුකිරීමට නියමිතයි.


(under the courtesy of adaderana.lk news web)

More News »