සිසු දෙපිරිසක් අතර ගැටුමක් පිහි ඇණුමකින් කෙලවර වෙයි

2018-05-17 09:14:00       572
feature-top
මොණරාගල සියඹලාණ්ඩුව මහ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු  සිදු කළ පිහි ඇණුමකින් එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බරපතළ තුවාල ලබා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුර මොණරාගල මහ රෝහලට මාරු කර යවා ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙසේ පහර කෑමට ලක් වූ සිසුවා තවත් සිසුන් කිහිප දෙනෙකු සමග එක්ව පහර දීම සිදු කළ සිසුවාට උසුලු විසුලු සිදු කර ඇති අතර එයින් කම්පනයට සහ කෝපයට පත් සිසුවා මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තවේ.

පාසල නිමවී නැවත නිවස බලා යමින් සිටින අතර තුර මෙම පහරදීම සිදු වී ඇති අතර පහර කෑ සිසුවාගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

පහර දීම සිදු කල සිසුවා සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ඔහු අද( 17) සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සියඹලාණ්ඩුව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


(under the courtesy of adaderana.lk news web)

More News »