යුද ජයග්‍රහණයට කැපවූ හමුදා සෙබලුන් සිහි කිරීම ජනතාවගේ යුතුකමක්

2018-05-17 09:03:00       163
feature-top
යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ හමුදා සෙබලුන් සිහි කිරීම මෙරට ජනතාවගේ යුතුකමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 ඔහු පෙන්වාදෙන්නේ යුද්ධයෙන් මියගිය ජනතාව සිහි කරනවා මෙන්ම යුද ජයග්‍රහණයට උරදුන් හමුදා සෙබලුන් සිහි කිරීම ද ඉතා වැදගත් බවයි .

කඩුවෙල් ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර සඳ හිරු සෑයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »