අදත් ප්‍රදේශ රැසකට වැසි

2018-05-17 08:59:00       65
feature-top
අද (17) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි අපේකෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ බස්නාහිර , දකුණ, නැගෙනහිර යන පළාත් වල වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග තද සුළං ඇතිවීමේ අවදානමක් ද පවතින බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අවදානමට පෙර සූදානම නමින් ගංවතුර සහ නායයෑම් පිළීබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධයස්ථානය සැළසුම් කර තිබේ.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ දිස්ත්‍රික් 10ක් ආවරණයවන පරිදි අද දිනයේ සිට දින 10ක කාලයක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »