php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පිළිතුරු - Tharunaya.us

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පිළිතුරු

2018-05-16 10:14:00       1043
feature-top

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අපජලය බැහැර කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇතැයි නෙත් නිවුස් කල සොයා බැලීමකදී අනාවරණ වුණා. එහිදී හෙලි වුණේ සත්වෝද්‍යානයේ අපජලය පිරිසිදු කිරීමට නිසි ස්ථානයක් නොමැති වීම ගැටළුවට මූලික හේතුව බවයි. 

ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර වන පරිදි අපද්‍රව්‍ය හා අපජලය බැහැර කරන බවට සත්වෝද්‍යානයට දැනටමත් චෝදනා එල්ල වී අවසන්. පළමුව මෙම චෝදනාව එල්ල කරනු ලැබුවේ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත‍්‍රීවරයෙක් විසින්. ඔහු කියා සිටියේ අපද්‍රව්‍ය හා අපජලය බැහැර කිරීමේදී ඒවා කාණු හරහා ගලා යන බැවින් අවට ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් එල්ල වන බවයි. 

සති දෙකක් ඇතුළත ගැටළුව විසදන්නේ නැත්නම් සත්වෝද්‍යානයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි ඒ පිළිබද විමසා බැලූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා නියෝග කළේ.

මේ සම්බන්ධයෙන් පිළිතුරු දුන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ සඳහන් කළේ "අපේ සතුන්ගේ අපද්‍රව්‍ය සත්වෝද්‍යානය ඇතුළේ තියෙන ගල්වලකට යනවා. ඒක විශාල ජලාශයක්. ගැටලුව තමයි ඒ ගල් වල ඇතුලෙන් ජලය කාන්දුවීම. ඇත්තටම මේ වතුර එතරම්ම අපවිත්‍ර නෑ. නමුත් අපි ඒ අපජලය පරිසරයට හිතරක ලෙස බැහැර කිරීමට අවශ්‍ය පියවර මේ වෙන කොට ගනිමින් ඉන්නවා." යනුවෙනි.


(under the courtesy of nethnews.lk news web)

More News »