මව්පිය සෙනෙහසත් අහිමිවී අධ්‍යාපනය ලැබීමේ අයිතියත් අමිහිවුන දැරු දෙදෙනෙකුගේ කඳුළු කතාව

2018-05-12 08:08:00       614
feature-top
මව්පිය සෙනෙහස අහිමි වූ දරු දෙදෙනෙකුට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ද අහිමි වීමේ අවාසනාවන්ත පුවතක් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා විණි.

වැලිකන්ද,සෙවණපිටිය,පළමු පියවර ප්‍රදේශයේ පදිංචි තරුෂි ප්‍ර‍බෝදනී සහ ඉමල්කා සංජීවනී නැමති මේ පුංචි දරුවන් දෙදෙනා පිළිවෙලින් 9හැවිරිදි සහ 7හැවිරිදි වියේ පසුවේ.

කුඩා කලම මවත් පියාත් දරුවන් දෙදෙනා හැරගොස් ඇති අතර එතැන් පටන් දරුවන් දෙදෙනා හැදී වැඩෙන්නේ ඔවුන්ගේ මිත්තණියත් සමගයි.

ආදීවාසි පරම්පාරාවෙන් පැවත එන වී.ජේන් නෝනා සිය මිණිබිරියන් දෙදෙනාව ජීවත් කරවන්නේ සිගමන් යදිමින් උපයාගන්නා පුංචි මුදලකින්ය.

ඇයගේ එකම බලාපොරොත්තුව දරුවන් දෙදෙනාට හොඳින් ඉගැන්වීමයි.

ඒ වෙනුවෙන් මේ මිත්තණිය කොතෙක් වෙහෙසුනත් තවමත් දරුවන් දෙදෙනා පාසලකට ඇතුළත් කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ

අධ්‍යාපනය හැදෑරීමට ඉමහත් කැමැත්තක් දක්වන මේ දරුවන් දෙදෙනා පාසලක් නොමැති අඩුපාඩුව සකසා ගන්නේ අසල්වාසී දරුවෙකුගෙන් අකුරු ඉගෙනීම මගිනි.

අධ්‍යාපනය ලැබීම සෑම පුරවැසියෙකුගේම මූලික අයිතියක් වුවද මේ අහිංසක දරු දෙදෙනාට එම අවස්ථාව අහිමි වීම ගැන අවධානය යොමු කිරීම බලධාරීන්ගේ වගකීමකි.
(under the courtesy of adaderana.lk news web)

More News »